ඉතාලි මාර්ග නීති: ආරක්ෂිත ගමනක අත්වැල
ඉතාලි මාවත්වල විශ්වාසයෙන්, බියකින් තොරව සහ නීත්‍යානුකූලව රිය පදවන්න!
විදේශ රටක තමන්ගේම වාහනයකින් ගමන් කිරීම විශාල නිදහසක් වුවද, ඉතාලියේ ක්‍රියාත්මක වන දැඩි මාර්ග නීති (Codice della Strada) පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම නිසා දිනපතා බොහෝ දෙනෙකුට අතිවිශාල දඩ මුදල් ගෙවීමට සහ බලපත්‍ර ලකුණු අහිමි වීමට සිදු වේ. පොලිසිය හමුවේ හෝ අධිකරණය හමුවේ “මම මේ නීතිය දැනගෙන හිටියේ නැහැ” යන ප්‍රකාශයට කිසිදු පිළිගැනීමක් නොමැත.
ඉතාලියේ ජීවත් වන, රැකියාව කරන හෝ සංචාරය කරන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බරපතළ දඩ මුදල්වලින් බේරී, රියදුරු බලපත්‍රයේ ලකුණු ආරක්ෂා කර ගනිමින්, ආරක්ෂිතව තම ගමන්බිමන් යෑමට අවශ්‍ය සියලුම දැනුම සරල සහ පැහැදිලි සිංහලෙන් මෙම ග්‍රන්ථයෙන් ලබා දී ඇත.





Reviews
There are no reviews yet.